Saturday, November 20, 2010

මං කැමතිම දේ ....

දවල් වෙනකම් නිදා ගන්න මම හරිම කැමතියි. කිසිම වැඩක් නොකර ගේම් එකක් ගහන්න පුළුවන්නම් මම ඒකට ඊටත් වඩා කැමතියි. හිටපු ගමන් පැය ගානක් කාත් එක්ක හරි ගැඹුරු සාකච්ඡාවක් කරන්නත් මම කැමතියි. අපේ පොඩි පූසා නූල් කෑල්ලක් එක්ක සෙට් වෙලා ලොවෙත් නැති ගානට පිස්සු කෙලින එක බලන් ඉන්නත් මම කැමතියි. අම්ම උයන රසම රස කෑම කන්න මම ඔය ඔක්කොටම වඩා කැමතියි.

උදේ පාන්දර වදින එලාම් එක ඕෆ් කරල තව ටිකක් නිදා ගන්න එකත් මම කැමතිම වැඩක්. කාට හරි උදව්වක් කරල ඒ දිහා බලල සතුටු වෙන්නත් මම කැමතියි. ලස්සන ගෑනු ළමයි දිහා බලං ඉදල ඒ අය මං දිහා බලද්දි ආඩම්බරෙන් අහක බලා ගන්න එකත් මම කැමතිම වැඩක්. මාසෙන් මාසෙට අළුත් වෙන කම්පියුටර් මොඩල් ගන්න පුළුවන් උනා නම් ඒකත් මං කැමතිම වැඩක් වෙයි. ඔෆිස් එකේ මගේ ෆයිල් වල වැඩ කරල දෙන බූතයෙක් හිටියනම් මම ඌටත්  සෑහෙන කැමති වෙයි.

No comments:

Post a Comment