Thursday, November 25, 2010

පොල් දැක්කම හිතුන දේ (ළමා මතක)

මේ ගැන මට හිතුනෙ අද පොල් ගහක් දැක්ක වෙලාවෙ. මීට ටිකක් ඉස්සර අපි ඉගෙන ගන්න කාලෙ හිටියෙ හොස්ටල් එකේ. හොස්ටල් එකක ඉදල නැති කෙනෙකුට ඒක පැහැදිලි කරනව නම් ලේසිම ක්‍රමේ තමයි බලෙන් උස්සන් ගිහින් හමුදාවට දාපු එකෙක් හිතෙන් මවා ගන්න එක.  කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව  ගිහින් හොස්ටල් එකට දාල අම්මල යන්න ගියාම අපේ සෙට් එකේ ගොඩක් අයගෙ (මගෙත් ඇතුඵව) මුල් දවස් කීපය ගෙවුනෙ ඇඩූ කදුලින්.  (ඒත් ඒ මතකයන් දැන් ගොඩක් සුන්දරයි වගේම  හොස්ටල් ජීවිතයෙන් අපි ලබපු අත්දැකීම් අපේ ජීවිත ගොඩනගාගන්න සෑහෙන උදව් උනා).
මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්.........
දවස් පහක් ඉස්කොලෙ ගිහින්  ඉවර වෙලා එන සෙනසුරාද ඉරිද දවස් වලට මුඵ ඉස්කෝල වත්තම පාඵයි. එදාට අපේ සෙට් එක කරන එක වැඩක් තමයි දඩයමේ යාම.  ඒ කිව්වෙ සත්තු මරන්න නෙමෙයි, වත්තෙ තියෙන අඹ වරකා පොල් ජමිබෝල වගේ ඵලවැල නෙලීම.  (ඉස්කෝල වත්ත සෑහෙන ලොකු නිසා සමහර පැති වල කැලෙත් තිබ්බ)

ඉරිද උදේ දහයට පාඩම් වැඩ ඉවර කරන බෙල් එක ගැහුවට පස්සෙ අපි පස් දෙනෙක් විතර  නිකන් ඉන්න බැරි කමට පොල් කඩන්න යන්න සෙට් උනා.   වැඩිය කට්ටිය නැති තැනක තිබ්බ පොල් ගහක් හොයා ගන්න අපෙ සෙට් එකට වැඩි වෙලාවක් ගියෙ නෑ. පොල් ගහ තියෙන තැනට ටිකක් ඈතින්  ක්‍රිකට් ප්‍රැක්ටිස්, කරන එකත් අපිට පේනව. ඔන්න අපේ අසංගයා පොල් ගහට ගොඩ උනා කියමුකො, අපි සෙට් එක පල්ලෙහා ඉදන් බරටම වැඩ.
ප්‍රධාන වැඩේ තමයි ඔත්තු බැලීම, පැති තුනක් කවර් වෙන්න ඔත්තු බලද්දි තව කෙනෙක් ගහ ලග සම්බන්ධීකරන කටයුතු. මෙහෙම වැඩි වෙලාවක් යන්න ලැබුනෙ නෑ, පලවෙනි පොල් ගෙඩිය බිම දාන්නත් කලින් අපේ පාලක පියතුමා (හොස්ටල් එක පාලනය කලේ කතෝලික පියතුමන්ල) එනව කියන ඔත්තුව ලැබුන, මල කෙළියයි,  සුදුසු ප්‍රති පියවරක් ගන්න කාලය මදි නිසා පල්ලෙහා හිටපු අපෙ සෙට් එක  ලොවෙත් නැති ගානට සෙටි වෙලා බොහොම උනන්දුවෙන් ක්‍රිකට් ප්‍රැක්ටිස් බලන්න ගත්ත. ගහ උඩ හිටපු අසංගයව අපි දැනුවත් කරල  වැඩිදුර උපදෙස්  දෙනකම් එතනම ඉන්න කිව්ව.

දැන්  ඔක්කොම හරියි කියල හිතාගෙන අපි ඉන්නව, හරියට ලොවි ගහෙත් නෑ වගෙ. පියතුමා ඇවිත් එතන නතර වෙලා අපිට එන්න කිව්ව, අපිත් ගියයි කියමුකො, ඊළග ප්‍රශ්නෙ (මොකද මෙතන කරන්නෙ) යොමුඋනා, අපේ එකෙක් ගත් කටටම කිව්ව ක්‍රිකට් ප්‍රැක්ටිස් බලන්න ආව කියල. ඒ කියල කට ගන්න උනෙ නෑ පියතුමා උගෙ කන අල්ල ගත්ත (ආදරේට), "පොල් කඩන්න නේද ආවෙ" කියල අහන ගමන් පියතුමා අපෙ සෙට් එකේම කන් රතු  කරල තරු පෙන්නුව. අපි වද වේදනා  වින්දට ගහ උඩ හිටපු අසංගයව පාවල දුන්නෙ නෑ, අපිට දඩුවම් කරපු  පියතුමා යන්න හැරුනම තමයි කස්ටිය ටිකක් හිත සැහැල්ලු නර ගත්තෙ,  මොන යෑමක්ද , යන්න ගිය පියතුමා ආයෙත් හැරිල  පොල් ගහ දිහා බලල "Asanga you thought I didn't see you, come down, come down" කිව්වෙ නැතැයි.

මෙච්චර වෙලා ලොවෙත් නැති ගානට නැති ගානට පොල් අත්තක් උඩ සෙට්ල් වෙලා හිටපු  අසංගයගෙ කවර් එක බ්ලෝ උනා කියල අපිට මීටර් උනේ එතකොටයි. මොනා කරන්නද, අන්තිමේදි අසංගය ගහෙන් බ්මට ඇවිත් පනිෂ්මන්ට් එක කෑව.

6 comments:

  1. සරදියෙල් ඒ කලේ පොඩි කොල්ලා.. පුරවැසි අයියා ඉතින් ලොකුයි නේ!!!!! හොස්ටල් ජීවිතේ නම් මරේ මරු

    ReplyDelete
  2. අනිවා........ඒ ජීවිතේ නම් මාර එක්ස්පීරියන්ස් එකක්..

    ReplyDelete
  3. කියල වැඩක් නෑ ඒ කාලෙ නමි මරු තමා....
    හොස්ටල් හිටපු නැති කෙනෙකුට එකෙ තරම තේරෙන්නෙ නෑනේ...

    ReplyDelete
  4. පොලුත් කෑව මේට්‍රන් ගෙන් ගුටිත් කෑවා

    ReplyDelete
  5. සමාවෙන්න ඕනෑ,මට නම් පොල් දැක්කම මතක් වෙන්නේ සමිතා එරන්දති මුදොන්කො‍ටුව වයි.

    ReplyDelete